ප්‍රංශ ජනපති චීන විදේශ ඇමති හමුවෙයි
2024-02-21 11:43:43
Share with:

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා, පැරිස් නුවර සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ ඇමති වං යී මහතා හමුවෙයි. එම හමුව ඊයේ (20) පැවැත්විණ. මේ වසරට චීන-ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 60 ක් සපිරේ. ගෙවුණු දශක හයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්පිණ්ඩනය කරමින්, එම සම්බන්ධතාවන් හි මීළඟ වසර 60 සඳහා සැලැස්මක් සකස් කළ යුතු බව වං යී මහතා එහිදී කියා සිටියේ ය. යහපත් මට්ටමක පවතින චීන- ප්‍රංශ සහයෝගිතාවයෙන් දෙරට ජනතාවට සෙත සැලසී ඇත. එසේම ඉදිරියේ දී චීනය, ප්‍රංශය ඇතුළු විවිධ රටවල් සඳහා අඛණ්ඩව තම වෙළඳපොළ විවෘත කරනු ඇත. ප්‍රංශයේ ආයෝජනය කර ඇති චීන ව්‍යවසායන් සඳහා සාධාරණ ව්‍යාපාරික පරිසරයක් එරට නිර්මාණය කෙරෙනු ඇති බවට වං යී මහතා බලාපොරොත්තු පළ කළේ ය. වර්තමානයේ පවතින ජාත්‍යන්තර තත්ත්වය කැළඹිලි සහගත ය. ස්වාධීන බලවතුන් හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් වශයෙන් චීනය හා ප්‍රංශය උපායමාර්ගික සහයෝගිතා ශක්තිමත් කරමින් ගෝලීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ඒකාබද්ධ කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළේ ය.

ප්‍රංශ-චීන උපායමාර්ගික සංවාදය මගින් වඩාත් ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගීමට අපේක්ෂා කරන බව Emmanuel Macron මහතා එම හමුවේ දී පැවසීය.  මේ වසරේ චීනය සමග එක්ව ඉහළ පෙළේ හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැවීමට ප්‍රංශය සූදානමින් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රංශයට ඇත්තේ පැහැදිලි ස්ථාවරයක් බවත්, එය ස්ථිර ව අනුගමනය කරන බවත් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම