චීන විදේශ ඇමති චීන-ප්‍රංශ උපායමාර්ගික සංවාදයට එක්වෙයි
2024-02-21 10:59:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා 25 වැනි චීන-ප්‍රංශ උපායමාර්ගික සංවාදයට එක්වෙයි. වං යී මහතා සහ ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා එහි සම සභාපතිත්වය දැරූ අතර, සංවාදය ඊයේ (20) පැරිසියේ දී  පැවත්විණ.

වත්මන් ජාත්‍යන්තර ව්‍යාකූලත්වය සහ භූ දේශපාලන ගැටුම් හමුවේ මතුවන අභියෝගවලට නිසි ප්‍රතිචාර දැක්වීමේ දී සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමේ දී චීනය සමඟ අත්වැල් බැඳගැනීමට ප්‍රංශය සූදානම් බව Emmanuel Bonne මහතා පැවසීය. හවුල්කාරිත්වය සහ ඵලදායී සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා යුරෝපයට සහ චීනයට සහාය දෙන බව ද හෙතෙම කියාසිටියේය.

චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර සබඳතා වඩ වඩාත් පරිණත සහ ස්ථාවර වී ඇති බව Wang Yi මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කැළඹිලි සහිත ලෝකය බෙදී ඇති අතර, එම තත්ත්වය කිසිදු පාර්ශ්වයක අවශ්‍යතා සපුරාලන්නේ නැත. චීනය සහ ප්‍රංශය ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සමාන ස්ථාවරයක සිටී. උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමටත්,ප්‍රංශය සමඟ සමගිය සහ සහයෝගිතා ශක්තිමත් කිරීමටත් චීනය සූදානම් බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, තිරසර සංවර්ධනය සහ පවිත්‍ර බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය. එසේම, චීන-ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වර්ෂයේ ධනාත්මක ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, මානව හුවමාරු තවදුරටත් පහසු කිරීමටත් දෙරට පියවර ගනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම