සංශෝධිත ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ පරීක්ෂණ කටයුතු පිළිබඳ රෙගුලාසිය' නිකුත් කෙරේ
2024-02-21 20:58:19
Share with:

සංශෝධිත ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ පරීක්ෂණ කටයුතු පිළිබඳ රෙගුලාසිය’ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිකුත් කෙරේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි, එම රෙගුලාසිය, නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම යටතේ පක්ෂයේ ස්වයං විප්ලවය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් චින්තනය ගැඹුරින් අනුගමනය කරමින් පක්ෂ ප්‍රඥප්තිය මූලික කර ගෙන නව යුගයේ පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵල සම්පින්ඩනය කිරීමටත් එහි කාරක පද්ධතිය හා වගකීම් පද්ධතිය යහපත් කිරීමටත් ඉමහත් වැදගත්කමකි. පරීක්ෂණ කටයුතු සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාවේ කේන්ද්‍රීය නායකත්වය තහවුරු කරමින් එහි ඉහල ගුණාත්මක සංවර්ධනයටත් එය වැදගත් වන බව ද සඳහන් වේ.

විවිධ අංශ, පරීක්ෂණ කටයුතුවල අධීක්ෂණ කාර්යභාරය මනා ලෙස විදහා පෑම සහ, පරීක්ෂණය හා සෙසු අධීක්ෂණ ක්‍රමවේද අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් සංයුක්ත අධීක්ෂණ බලයක් හැඩගැසිය යුතු ය. විවිධ ප්‍රදේශ හා අංශ රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගත් වැදගත් තත්ත්වයන් හා එකතු කරන වැදගත් යෝජනාවන් කාලෝචිතව මධ්‍යම කාරක සභාවට වාර්තා කළ යුතු යැයි ද එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම