ජී 20 භූ දේශපාලන හා ආරක්ෂක ප්‍රශ්න විසඳා ගැනීමේ වේදිකාවක් නොවන බව චීනය පවසයි
2024-02-21 16:42:34
Share with:

ජී 20 කණ්ඩායම භූ දේශපාලන හා ආරක්ෂක ප්‍රශ්න විසඳා ගැනීමේ වේදිකාවක් නොවන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. යුක්රේන ප්‍රශ්නය ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ක්‍රියාදාමයට ඇතුළත් කිරීමට රුසියාව විරෝධය පළ කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.ජී 20 කණ්ඩායම ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවන්හී ප්‍රධාන සාකච්ඡා මණ්ඩපයකි.එය භූ දේශපාලන හා ආරක්ෂක ප්‍රශ්න විසඳා ගැනීමේ වේදිකාවක් නොවීම ජී 20 කණ්ඩායමේ පොදු එකඟතාවක් බවද ඇය ප්‍රකාශ කළාය. මෙවර විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම , ඒ ඒ පාර්ශ්වයන් ගේ සමගිය හා සහයෝගතාවන් තහවුරු කිරීම ප්‍රවර්ධනයට ඉවහල් වන අතර ලෝක ආර්ථීක සංවර්ධනයට හා ගෝලීය සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදීමට හැකිවෙතැයි චීනය අපේක්ෂා කරන බවද Mao Ning මහත්මිය පැවසුවාය.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම