සභාග රජයක් පිහිටුවීමට පාකිස්ථානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකඟ වෙයි
2024-02-21 15:19:08
Share with:

පාකිස්ථානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන මුස්ලිම් ලීගයේ ෂරිෆ් පාර්ශවය සහ මහජන පක්ෂය සභාග රජයක් පිහිටුවීමට එකඟ වෙයි. ඊයේ(20) රාත්‍රියේ Islamabad නුවරදී පක්ෂ දෙක එම එකඟතාවට එළඹිණ.

මුස්ලිම් ලීගයේ ෂරිෆ් පාර්ශව සභාපති හා එරට හිටපු අග්‍රමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා, මහජන පක්ෂයේ සභාපති හා එරට හිටපු විදේශ ඇමති Bilawal Bhutto Zardari මහතා, ඒ රාත්‍රියේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. Muhammad Shahbaz Sharif මහතා පෙන්වා දුන්නේ, නව ජනාධිපතිවරයා ලෙස තරග කිරීම සඳහා මහජන පක්ෂයේ සම සභාපති හා හිටපු ජනාධිපති Asif Ali Zardari මහතා තෝරා ගැනීමට, පක්ෂ දෙකම ඒකමතිකව එකඟ වූ බවයි. එසේම එක්සත් ජාතික ව්‍යාපාර පක්ෂය, මුස්ලිම් ලීගයේ නායක පාර්ශ්වය සහ පකිස්ථාන ස්ථායිතා පක්ෂය ද, සභාග රජයක් පිහිටුවීමට සහභාගී වීමට එකඟ වී ඇති බව ද ඔහු පැවසීය.

Bilawal Bhutto Zardari මහතා පෙන්වා දුන්නේ, පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා, සභාග රජයක් පිහිටුවීමට පක්ෂ දෙක තීරණය කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම