ගාසා තීරයේ සටන් විරාමයකට එරෙහිවීම යනු ඝාතනයන්ට බලපත්‍රයක්දීමක් වැනි යැයි චීනය කියයි
2024-02-21 16:24:38
Share with:

ගාසා තීරයේ සටන් විරාමයකට එරෙහිවීම යනු ඝාතනයන්ට බලපත්‍රයක්දීමක් වැනි යැයි එක්සත් ජාතීන්‍‍ගේ චීන ස්ථාවර නියෝජිත චන්ග් ජුන් මහතා පවසයි. ගාසා හී  කඩිනම් සටන් විරාමයකට බල කරමින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කෙටුම්පතට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීමෙන් පසු අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ආරක්ෂක මණ්ඩලයේ 13 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය භාවිත කළහ. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම,සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කිරීම,මානුෂවාදී සැපයුම් සහතික කිරීම හා බලහත්කාරයෙන් අවතැන් කිරීමට එරෙහිවීම යන කරුණු ඇතුළත් එම යෝජනාව අරාබි රටවල් වෙනුවෙන් ඇල්ජීරියාව විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ‍ඉදිරිපත් කරන ලදි.ඡන්ද විමසීමේ ප්‍රතිඑලයෙන් පැහැදිලි වී ඇත්තේ ගාසා තීරයේ සටන් නතර කිරීමට ආරක්ෂක මණ්ඩලයේ පොදු එකඟතාවක් නොපැවතීම නොව ඇමරිකාව සිය නිෂේධ බලය භාවිතයෙන් ආරක්ෂක මණ්ඩලයේ එකඟතාවන් යටපත් කිරීමට ක්‍රියා කිරීම යැයි ද චීන නියෝජිතයා සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම