ඉරාකයේ ජාත්‍යන්තර සන්ධානයේ මෙහෙයුම් අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබී ඇති බව ඉරාකය පවසයි
2024-02-21 11:34:20
Share with:

ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයේ දී සිදු කරන සියලු මෙහෙයුම අවසන් කිරීමට එකඟ වෙමින් ඉරාකයේ ඇමරිකා තානාපති කාර්යාලයෙන් නිල ලිපියක් ඉරාක රජයට ලැබී ඇති බව ඉරාක අගමැති Mohammed Shia al-Sudani මහතා ප්‍රකාශ කරයි. ඊයේ (20) නිත්‍ය කැබිනට් රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Mohammed Shia al-Sudani මහතා කියාසිටියේ ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයේ දී සිදු කරන මෙහෙයුම් අවසන් කිරීමට වොෂින්ටනයේ පැවති රැස්වීමේදී ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කරන බව එම ලිපියේ පැහැදිලිව සඳහන්ව තිබූ බවයි. ඉරාක රජය විවිධ පාර්ශ්වයන් අතර පවතින ගැටුම් සඳහා වේදිකාවක් බවට පත්වීම ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම එහිදී යළි අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම