ලෝක බැංකුව සමග සහයෝගතා පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරයි
2024-02-21 19:20:55
Share with:

  ලෝක බැංකුව සමග සහයෝගතා පුළුල් කරමින් ගෝලීය දරිද්‍රතාව අඩු කිරීමේ හා සංවර්ධනය කිරීමේ ව්‍යායාමයට සක්‍රිය දායකත්වය ලබා දීමට චීනය අපේක්ෂා කරයි.

   චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ ප්‍රකාශ කළේ අද(21) ‍බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. චීන එක්සිම් බැංකුවේ උප ප්‍රධානී චාං වෙන්ට්සයි මහතා ලෝක බැංකුවේ ස්ථාවර නියෝජ්‍ය ප්‍රධානී හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරන බව ලෝක බැංකුව ඊයේ(20) ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් මාඕ නිං මහත්මිය කියා සිටියේ, ගෙවී ගිය වසර 40 තුළ චීනය හා ලෝක බැංකුව අතර සමීප සංවර්ධන හවුල්කාරීත්වය ගොඩනගා ඵලදායික සහයෝගතා පවත්වා ඇති බවයි. ප්‍රතිසංස්කරණ මගින් සංවර්ධන පරමාදර්ශය හා ආයතනික හැකියාව ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවට චීනයේ අනුබලය හිමි වේ. එමගින් අඛණ්ඩ සංවර්ධනය ඉටු කරමින් ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය විය හැකි යැයි අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම