අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම මාර්තු මාසයේ දී ඇරඹේ
2024-02-20 18:17:40
Share with:

අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

2024 වසරට අදාළ පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

2024 වසරට අදාළ පාසල් පෙළ පොත් මේ වන විට 100%ක් පර්යන්ත වෙත යවා අවසන් කර තිබේ. එය පාසල් මට්ටමින් බෙදාහැරීමේ කටයුතු මාර්තු මස පළමු වනදා වන විට අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම