ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගම් රටවලින් ඉල්ලීමක්
2024-02-20 10:45:30
Share with:

ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමයේ සාමාජික රටවල් 26 ක් ඉල්ලා ඇතැයි, එම සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Josep Borrell මහතා පවසයි. එමෙන්ම රඳවාගනු ලැබ සිටින පුද්ගලයන් කොන්දේසි විරහිතව මුදාහරින ලෙසත්, මානුෂීය ආධාර සැපයීමට ඉඩ ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

 යුරෝපා සංගම් සාමාජික රටවල නිලධාරීන් බොහෝ පිරිසක් ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල හමුදා ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ. එම හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයට තදබල විවේචනයක් පවතින බව එරට විදේශ අමාත්‍ය Manuel Albares මහතා පැවසීය. ගාසා තීරයේ ඊශ්‍රායලය සිදුකරන මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය. රෆා නගරයට එල්ල වන ප්‍රහාර ඉතා විනාශකාරී ප්‍රතිවිපාකයන්ට හේතුවනු ඇතැයි අයර්ලන්ත විදේශ අමාත්‍යවරයා සහ ජර්මානු රජයේ ප්‍රකාශකයා ද පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම