ගාසා තීරයේ ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 29 000 ඉක්මවයි
2024-02-20 10:24:19
Share with:

ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 29000 ඉක්මවා ගොස් ඇතැයි ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  ඉකුත් පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන් 107 දෙනෙකු ඝාතනය කළ බවත්, තවත් 145 කට අධික පිරිසක් තුවාල ලැබූ බවත්  ඊයේ (19)  නිකුත් කෙරුණු එම නි‍වේදනයේ දැක්වේ.

යාවත්කාලීන කෙරුණු නවතම වාර්තාවන් හි සඳහන් වන ආකාරයට, පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා ඇරඹුණු ගාසා තීරයේ යුද ගැටුම්වලින් පුද්ගලයන් 29 දහස් අනූදෙදෙනෙකු මියගොස් ඇති අතර, 69 028 දෙනෙකු තුවාල ලබා ඇත. දරුණු බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූ තවත් පිරිසක් සිවිල් ආරක්ෂක සහ ගිලන් රථ කාර්ය මණ්ඩලවල හිඟකම හේතුවෙන්  සුන්බුන් අතර සිරව සිටින බව ද එහි දැක්වේ.

 පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, දේශසීමාව හරහා තම රටට ප්‍රහාර එල්ල කළ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය මහා පරිමාණ ප්‍රහාර මාලාවක් දියත් කළේය. එහිදී 1,400 ක පමණ පිරිසක්  මිය ගිය අතර, 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම