දුෂ්කර කාලයකින් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා පවසයි
2024-02-20 18:18:32
Share with:

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇති බවය.

රට ස්ථාවරත්වයට පත්කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකේය ජනතාව බව ද සිය සමාජ ජාල ගිණුමක සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අස්වැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නඟාසිටුවීමට කටයුතු කරමින් සිටින අතර උරුමය හරහා මිලියන 2කට ඉඩම් ලබාදීමට සැලසුම් කර අති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට නිවාස ලබාදීමට මෙන්ම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ඇතුළු අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම