තමා වේගයෙන් ගමන් නොකර සෙසු රටවල‍ට බාධා කිරීමේ ඇතැම් පාර්ශ්වවල යටි අරමුණ පැහැදිලියි
2024-02-20 16:27:32
Share with:

ඇතැම් රටවල් තමා වඩා වේගයෙන් ඉදිරියට යාමට උත්සාහ නොකරන අතර, අනුන්ගේ ඉදිරි ගමනට වෙට්ටු දමන ආකාරයේ බාධා සිදු කර ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ ප්‍රකාශ කළේ අද(20) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාව හා යුරෝපා සංගමය චීනයේ විදුලි වාහන හා ස්මාට් වාහන කෙරේ වෙළඳ සීමා විධිවිධාන යොදා ගැනීම පිළිබඳ චීනයේ අදහස කවර දැයි මාධ්‍ය වේදියෙක් එහිදී ප්‍රශ්ණ කළේය.

එවන් ආරක්ෂණවාදී විධිවිධාන, විධිමත් වෙළඳාම ආරක්ෂක සැලකිල්ලට සම්බන්ධ කිරීමට හා මතවාදීකරණය කිරීමට ගත් උත්සාහයකි. ‘අවදානම් ඉවත් කිරීම’ යන මුවාවෙන් ‘සංවෘත කවයක්’ ගොඩනැගීම එම රටවල අරමුණය. මෙය,  තමා වඩා වේගයෙන් ඉදිරියට යාමට උත්සාහ නොකර පෙරළා අනුන්ගේ ඉදිරි ගමනට වෙට්ටු දමන ආකාරයේ බාධා සිදු කිරීමක් වැනිය. සිය දිගු කාලීන සංවර්ධනයෙන් එවන් රටවල් පරාජය වී ඇති  අතර සමස්ත ලෝකයේ දියුණුව හා සමෘද්ධියට ද බර පටවා ඇතැයි මාඕ නිං මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම