යුරෝපා සංගමය රතු මුහුදේ සහ ගල්ෆ් කලාපයන්හි නාවික මෙහෙයුමක් දියත් කරයි
2024-02-20 10:26:28
Share with:

තම වාණිජ සහ ආරක්ෂක අවශ්‍යතා සුරැකීම සඳහා රතු මුහුදේ සහ ගල්ෆ් කලාපවල නාවික මෙහෙයුමක් දියත් කළ බව යුරෝපා සංගමය ඊයේ(19) පැවසීය.

ග්‍රීක භාෂාවෙන් පලිහ යන අරුත ඇති "ASPIDES" යන සංකේත නාමයෙන් මෙම "ආරක්ෂක" මෙහෙයුම හැඳින්‍වේ. "රතු මුහුදේ සහ ගල්ෆ් කලාපයේ නාවික නිදහස ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ආරක්ෂා කිරීම" එහි අරමුණු බව යුරෝපා සංගම් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හවුති ප්‍රහාර ජාත්‍යන්තර වාණිජ යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ආරක්ෂක මෙහෙයුම මගින් එම ප්‍රදේශයේ "යුරෝ සංගමයේ නාවික පැවැත්ම සහතික කරනු ඇති" බව කවුන්සිලය පවසයි. ඊට අදාළ මෙහෙයුම් මූලස්ථානය ග්‍රීසියේ ලැරිසා හි පිහිටා ඇත.

රතු මුහුද හරහා නැව් යාත්‍රා කිරීමට බාධා එල්ල වන බැවින් ආසියා සහ යුරෝපා සංගමය අතර නැව් ගත කිරීම් සඳහා බෙදා හැරීමේ කාල සීමාව දින 10 සිට 15 ක් දක්වා වැඩි වී ඇති බවත්, එහි පිරිවැය සියයට 400 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් යුරෝපා සංගමයේ ආර්ථික කොමසාරිස් Paolo Gentiloni ප්‍රකාශ කර ඇත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම