චීනය ගෝලීය ආර්ථික භූමිකාව තුළ ඉටු කරමින් ඇත්තේ කැපීපෙනෙන කාර්යභාරයක්
2024-02-20 15:34:44
Share with:

චීනය ගෝලීය ආර්ථික භූමිකාව තුළ ඉටු කරමින් ඇත්තේ කැපීපෙනෙන කාර්යභාරයක් බව ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසයි. නව තාක්ෂණ නිපැයුම් සමග චීනය ඉදිරියට පැමිණෙමින් සිටී. ලොව දෙවන විශාලතම ආර්ථිකය වශයෙන් චීන‍ය සතුව ඇති ආර්ථිකමය ශක්තිය ගෝලීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත. චීනයේ මෙම ආර්ථික දියුණුව පරිවර්තනීය වෙනසක් තුළින් ළඟාකර ගත් දියුණුවක් බවද ඇය සඳහන් කරයි. එහිදී ගෝලීය නව ප්‍රවණතාවන්ට අනුව චීනය විවිධ නව සංවර්ධන යෝජනා ඉදිරිපත් කර තිබේ. සිය අනන්‍ය සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති තුළින් චීනය ලබා ඇති අත්දැකීම් ලෝකයට හඳුන්වා දීමක් ලෙසටද එය පෙන්වා දිය හැකිය. ආර්ථිකමය වශයෙන් පමණක් නොව සංස්කෘතික හා සාමාජීය වශයෙන් ද චීනය සෙසු රටවල් සමග සබඳතා තහවුරු කර ගනිමින් සිටී. එවැනි සබඳතා පවත්වා ගැනීමේදී එම රටවල අභ්‍යන්තර කරුණුවලට මැදිහත් නොවීම චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ඇති සුවිශේෂීත්වයකි. චීනය බලපෑම් සහගත රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වනුයේ මනා අවබෝධයකින් යුතුවය. මෙය ආර්ථික සබඳතාවන්හී අතිශ‍යින් වැදගත් ප්‍රතිපත්තියක් ලෙසට ද හඳුන්වා දිය හැකිය. රටවල් අතර නිසි අවබෝධයකින් යුතුව සබඳතා පවත්වා ගන්නේ නම් ගෝලීය පොදු අරමුණු මනා ලෙස සාක්ෂාත් කර ගත හැකි යැයි ද ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පෙන්වා දෙයි. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම