චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අප්‍රිකානු රටවල් සමඟ පළමු ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා නිවේදනයට අත්සන් තබයි
2024-02-20 14:03:31
Share with:

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය, ඊයේ(19) එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය සහ ඉතියෝපියා කර්මාන්ත අමාත්‍යංශය සමඟ පළමු ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා නිවේදනයට  අත්සන් තබයි.

ඊට අමතරව, ගෝලීය සංවර්ධන යෝජනාව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය සමඟ  අත්සන් තබා තිබේ.

මේ දක්වා රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය සංවර්ධන යෝජනාවට සම්බන්ධ වී ඇත. ක්‍රියාත්මක කර ඇති සහයෝගීතා ව්‍යාපෘති සංඛ්‍යාව 200 කි. චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය විසින් ගෝලීය සංවර්ධන ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, ගෝලීය සංවර්ධන ප්‍රවර්ධන මධ්‍යස්ථාන ජාලය ගොඩනැගීම ප්‍රවර්ධනය කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම