යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බව චීනය පවසයි
2024-02-20 17:18:01
Share with:

චීනය යුක්රේන අර්බුදයෙන් වාසි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.   

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. චීන -රුසියා සහයෝගීතා හේතුවෙන් ඇතැම් චීන ව්‍යවසායන්ට සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කරමින් සිටීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනය සැම විටම සාධාරණ යුක්තිගරුක ස්ථාවරයක සිටින අතර සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළි සිටින බව ඇය පැවසුවාය. ලෝකයේ ඒ ඒ රටවල් සමඟ නිසි සහයෝගීතා පැවැත්වීමේ අයිතිය චීනය සතුය.ජාත්‍යන්තර නීති පදනමක් නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, වෙනත් රටවලට එරෙහිව සිදු කරන දිගු දෑත් අධිකරණ බලය යන ක්‍රියාවට චීනය සැම විටම විරෝධ පළ කරයි. චීන ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත  කිරීමට චීනය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම