දේශීය ජයග්‍රහණ සමග නව වසරේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ චීන අපේක්ෂාව
2024-02-20 15:33:24
Share with:

චීනය විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියන රාජ්‍යයකි. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන, නටබුන්, ජාතික ලේඛනාගාරය වැනි පෞරාණික උරුමයන් රැක ගනිමින් ඩිජිටල්, හරිත, නිෂ්පාදන මුල් කර ගත් සංවර්ධිත අනාගතයක් කරා චීනය නව වසරේ පියනඟනු ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ හිටපු කථිකාචාර්ය මේඛලා ලියනගේ මෙනවිය කියා සිටී.

චීනය තුළ මෑත කාලීනව සුහුරු හා හරිත නව කර්මාන්ත රැසක් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. රටේ ධාන්‍ය නිෂ්පාදනය වසර 20ක් පුරා අඛණ්ඩ අස්වැන්නක් ලොවට දායාද කර තිබේ. නාගරික දියුණුව සේම ග්‍රාමීය පුනරුදය නව මුහුණුවරකින් මෙහෙයවා තිබෙන බව ද ඇය පැවසුවාය.

චීනයේ දේශීයව නිෂ්පාදනය කරන ලද පළමු දැවැන්ත සංචාරක නෞකාව ද සාර්ථකව මංගල  ගමන ආරම්භ කිරීමට සමත් විය. අභ්‍යවකාශ යානා මෙන්ම සැබ්මැරීන  සිය මෙහෙයුම් සාර්ථක ව ඉටු කර ඇත. නිවාඩු සමයන්හි සංචාරක උණුසුම, සිනමා ශාලාවල උද්‍යෝගිවත් ප්‍රේක්ෂකයන්ගෙන් චීනයේ නව වාර්තා පිහිටුවා තිබේ. මේ සියළු කාරණා ඔස්සේ චීනය දේශීයව ගොඩනඟා ඇති දැවැන්ත ජයග්‍රහණ පෙනෙන්නට තිබෙන බව මේඛලා මෙනවිය සඳහන් කළාය.

චීනය තම සංවර්ධනය  පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටු කරයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සෙසු රටවල නායකයින් සමග සිය මිත්‍රත්වය අළුත් කරමින්, නව හවුල්කරුවන් හමුවී චීන සංකල්ප ඔවුන් සමග බෙදා ගනිමින් සිටී. සාමකාමීව ලොව එක්සේසත් කිරීම උදෙසා චීනය දරන ප්‍රයත්නය සුළුපටු නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. චීන මාදිලියේ නවීකරණය ස්ථිර ලෙස ඉදිරියට මෙහෙයවමින් නව සංවර්ධන සංකල්ප ව්‍යුහය ගොඩනැංවීම වේගවත් කිරීමේ අවශ්‍යතාව චීන ජනපතිවරයා නව අවුරුදු උදාවත් සමග ලොවට ප්‍රකාශ කර තිබේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කරමින් වඩාත් සුන්දර ලෝකයක් බිහිකිරීමට චීනය දරන උත්සාහය සියළු දෙනා අගය කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ හිටපු කථිකාචාර්ය මේඛලා ලියනගේ මෙනවිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම