කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට සහාය වන ලෙසට අගමැතිවරයා ගෙන් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට ඉල්ලීමක්
2024-02-20 18:19:16
Share with:

කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලීමක් කරයි. අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චියූ ඩොන්යූ මහතා හමුවූ අවස්ථාවේදීය.ග්‍රාමීය ගොවිතැනට අවශ්‍ය බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළේය.

මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේද එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම