චීන විදේශ ඇමතිවරයා ස්පාඤ්ඤයේ සාර්ථක නිල සංචාරයක
2024-02-20 16:23:54
Share with:

චීන විදේශ අමාත්‍යවරයාගේ ස්පාඤ්ඤයේ සංචාරය සාර්ථක බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.අද(20) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව සඳහන් කළාය.චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ දිනවල ස්පාඤ්ඤයේ නිල සංචාරයක නිරතව සිටී.චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවයට පසු ඔහුගේ ප්‍රථම විදේශ සංචාරය ලෙස මෙම සංචාරයෙන් හිමිවන ප්‍රධාන ජයග්‍රහණ මෙන්ම එය චීන -ස්පාඤ්ඤ සබඳතාවේ සංවර්ධනය කෙරෙහි ඉටු කරන  කාර්යභාරයන් පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

චීනය හා ස්පාඤ්ඤය අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී රටවල් දෙකකි.වසර 6කට පසු චීන විදේශ අමාත්‍යවරයා යළි ස්පාඤ්ඤයට නිල සංචාරයක නිරත වීම වැදගත් අවස්ථාවකි.දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් චීන-ස්පාඤ්ඤ සබඳතාවේ නව ඉදිරි වසර50 ක සංවර්ධනය සඳහා යහපත් ආරම්භයක් ගොඩනගා ගැනීම එම සංචාරයේ ප්‍රධාන අරමුණ බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.එම සංචාරයෙන් අපේක්ෂිත ඉලක්ක ඉටුවී ඇති අතර එය ඉතා සාර්ථක බවද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම