සෝමාලියාවට අඛණ්ඩව සහාය වන ලෙසට චීනයෙන් ජගත් ප්‍රජාවට ඉල්ලීමක්
2024-02-20 17:58:26
Share with:

සෝමාලියාවට අඛණ්ඩව සහාය වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ (19) මේ බව පැවසුවේ ආරක්ෂක මණ්ඩලය සෝමාලියා ප්‍රශ්නය පිළිබඳ රැස්වීමට එක් වෙමිනි.

එරට දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීමට, සෝමාලියානු ආරක්ෂාවට සහ එරට ආර්ථිකය හා සමාජය යළිත් ගොඩනැගීමට සහයෝගය ලබා දිය යුතු බව ද Zhang Jun මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම් සෝමාලියාවේ වැදගත් සංවර්ධන ක්ෂේත්‍රවලට අනුව ජාත්‍යන්තර සම්පත් භාවිත කළ යුතුය. සංවර්ධනයෙන් සාමය ගෙන එමින් මූලික ගැටළු විසඳිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජාතික සමගිය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සෝමාලියා ෆෙඩරල් රජයේ කැපවීමට චීනය සහාය වන බවත්, කලාපීය රටවල් සංවාදයෙන් කලාපීය කටයුතු පාලනය කරමින් මිත්‍ර සහයෝගතාව මත පදනම්ව පොදු සංවර්ධනය ඉටු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවත් Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම