කැළඹීම් සහිත ලෝකයට ස්ථාවර බලවේගයක් වීමට සූදානම් බව මියුනිච් ආරක්ෂක සමුළුවේ දී අවධාරණය කළ චීනය
2024-02-20 11:36:53
Share with:

මියුනිච් ආරක්ෂක සමුළුව ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ගෝලීය මට්ටමේ සාකච්ඡා සභාවකි. බටහිර ලෝකයේ, විශේෂයෙන් යුරෝපීය රටවල් ලෝක ආරක්ෂාව කෙරෙහි දක්වන අදහස් එම සමුළුවේ වැඩි අවධානයට ලක් වේ. 60 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය දා පැවැත්විණ. යුක්රේන අර්බුදය හා ඊශ්‍රායල-පලස්තීන ගැටුම පවතින පසුබිම යටතේ පැවති එම සමුළුවේ වාතාවරණය කාංසාවෙන් හා නොසන්සුන්තාවයෙන් පිරී පැවතිණ. භූ දේශපාලන නොසන්සුන්භාවය හා ආර්ථික අවිනිශ්චිතභාවය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රටවල් ගෝලීය වශයෙන් නොව තමන්ට වඩා වාසිදායක කරුණු කෙරෙහි පමණක් සැලකිල්ල දක්වන බව සමුළුවේ දී නිකුත් කෙරුණු “2024 මියුනිච් ආරක්ෂක වාර්තාව”පෙන්වා දෙයි.

එහෙත් සමුළුවට එක්වූ චීන විදේශ ඇමති වං යී මහතා කියාසිටියේ, කැළඹිලි සහගත ලෝකයේ ස්ථාවර බලවේගයක් වීමට චීනය සූදානම් බවයි. ගෙවුණු වසර කිහිපයේ ‍ලෝකය සංකීර්ණ මෙන්ම කැළඹිලි සහගත තත්ත්වයකට පත්ව ඇත. චීනය සියලු රටවලට යහපතක් වන ආකාරයෙන් මුලපිරුම් මාලාවක් ඉදිරිපත් කර තිබේ. ලෝක බලවතුන් අතර සහයෝගිතා ඉදිරියට පවත්වාගෙන යාම, උණුසුම් ප්‍රශ්නවලට මුහුණ දීම, ගෝලීය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ගෝලීය වර්ධනය වැඩිදියුණු කිරීම සඳහා ස්ථාවර බලවේගයක් වීමට චීනය සූදානම් බව මෙවර මියුනිච් ආරක්ෂක සමුළුවේ දී චීනය ලෝකයට පැහැදිලි ව ප්‍රකාශ කළේ ය.

නිවැරදි මාර්ගය අප සමෘද්ධිය කරා රැගෙන යයි. එසේම වැරදි මාර්ගය අපට විපත් රැගෙන එනු ඇත. මානව ප්‍රජාව ගැටළු සහගත තත්ත්වයෙන් නිදහස් වීමට නම් නිවැරදි පිළිවෙත් අනුගමනය කළ යුතු ය. එනම්, සංවෘත වීම වෙනුවට විවෘත විය යුතුය. අසමගිය වෙනුවට සමගිය සහතික කළ යුතු ය. ගැටුම් ඇතිකිරීම වෙනුවට සහයෝගිතා පැවැත්විය යුතු ය.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම