මකරාගේ වසරේ වසන්ත උත්සවයෙන් ලොවට දැනෙන චීන ආර්ථිකයේ උණුසුම
2024-02-19 10:41:47
Share with:

මෙම වසරේ චීනය සැමරුවේ කොවිඩ් වසංගත පරිපාලනය යථා තත්ත්වයට පත්වීමෙන් පසු සාමාන්‍ය වාතාවරණයක් යටතේ පවත්වන ලද පළමු වසන්ත උත්සවයයි. එසේම එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස ලැයිස්තුගත කිරීමෙන් පසු උදා වූ පළමු වසන්ත උත්සවය ද එයයි. ලොව පුරා වෙසෙන ජනගහණයෙන් පහෙන් එකක පමණ ජනතාව චීන ලිත් ක්‍රමයේ නව වසර විවිධ ආකාරයෙන් සැමරූහ.

අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් කෙරුණු වීසා පහසුකම්, දැඩි පරීක්ෂාවන්ගෙන් තොර වඩා පහසු ප්‍රවේශ සහ ගුවන් ගමන් යළි ආරම්භ කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන්, දේශසීමා හරහා සිදුවන සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් ප්‍රකෘතිමත් වී තිබේ. මෙවර වසන්ත උත්සව සමයේ චීන සංචාරකයන් ලොව පුරා නගර 1700 කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇත. එසේම චීන දේශීය සංචාරක ගමන් වාර ගණන මිලියන 474 ක් වූ අතර, ඔවුන්ගේ සමස්ත ගමන් වියදම චීන යුවාන් බිලියන 632.7 පමණ විය. එම අගයයන් වෙන් වෙන් ව සැසඳීමේ දී පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 34.3% ක සහ 47.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ අතර, දින අටක වසන්ත උත්සව නිවාඩු සමයේ සිනමා බොක්ස් ඔෆිස් ආදායම ද චීන යුවාන් බිලියන 8 ඉක්මවා ති‍බීම කැපීපෙනේ.

වසන්ත උත්සවයත් සමග ඉහළ යන පරිභෝජනය තුළින්, චීනයේ සුවිශාල පරිමාණ වෙළඳපොළේ පවතින ප්‍රතිලාභ මෙන්ම  චීන ආර්ථිකයේ උණුසුම අත්විඳීමට අවස්ථාව උදා වී තිබේ. ඉකුත් ජනවාරි මස අග දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 0.4% කින් ඉහළ නැංවූ අතර, එය 4.6% ක් දක්වා වැඩි වී තිබේ.

වර්තමානයේ චීන ආර්ථිකය අභියෝගවලට මුහුණ පාමින් සිටිය ද, එහි දිගුකාලීන ධනාත්මක පදනම වෙනස් නොවීම විශේෂත්වයකි. මෙම වසරේ චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වීම හා ස්ථාවර වීම පිළිබඳව ඉහළ විශ්වාසයක් පවතින අතර, එය ලෝකයට "ප්‍රශස්ත ආර්ථික උණුසුමක්" තිළිණ කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම