පොදු ජයග්‍රහණ දිනා ගනිමින් බහුපාර්ශ්වික අලාභ වළක්වා ගැනීමට සිය අඛණ්ඩ සහාය හිමිවන බව චීනය පවසයි
2024-02-19 16:33:15
Share with:

පොදු ජයග්‍රහණ දිනා ගනිමින් බහුපාර්ශ්වික අලාභ වළක්වා ගැනීමට චීනය සහයෝගයෙන් කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ අද(19) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. 60වන Munich ආරක්ෂක සමුළුව ‘බහුපාර්ශ්වික අලාභයන්ට’තුඩු දුන් වත්මන් ජාත්‍යන්තර පටිපාටිය ආවර්ජනය කර ඇතැයි එහිදී මාධ්‍ය වේදියෙක් සඳහන් කළේය. චීන පාර්ශ්වය එම සමුළුවේදී කවර සංඥාවක් නිකුත් කළේ දැයි ඔහු විමසීය.

අභියෝග රැසක් හමුවේ සහයෝගතාවේ වැදගත්කම වඩාත් ඉස්මතු වන බවත් කැළඹිලි තත්ත්වයකදී විවිධ රටවල් සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බවත් මාඕ නිං මහත්මිය කියා සිටියාය.

  එක්සත් ජාතීන්ගේ අධිකාරී බලය හා කේන්ද්‍රීය ස්ථානයට ස්ථිරව අනුබල දක්වන චීනය සාම හා ආරක්ෂක ගැටළුවලදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යභාරයට සහාය වේ. විවිධ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමෙහි එල්බ සිටිමින් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා චීනයට ආවේණික දායකත්වය ලබා දීමට උත්සාහ කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම