ඇමරිකාව සයිබර් ප්‍රහාර නතර කළ යුතු බව චීනය පවසයි
2024-02-19 17:14:09
Share with:


සයිබර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම ඇමරිකාව නතර කළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(19) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට චෝදනා කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය. නිසි සාක්ෂි නොමැතිව ඇමරිකාව චීනයට එරෙහිව පදනම් විරහිත චෝදනා මෙන්ම අපහාස එල්ල කිරීමට උත්සාහ කර ඇත. චීනය ඊට දැඩි විරෝධය පළ කරන බව ද ඇය පැවසුවාය.

වෙනත් රටවල කේන්ද්‍රීය යටිතල පහසුකම් සයිබර් ප්‍රහාර සඳහා නීත්‍යනුකූල ඉලක්ක ලෙස විවෘතව ලැයිස්තුගත කිරීම් සිදු කරනු ලබන්නේ ඇමරිකාවේ සයිබර් යුද‍ අණදෙන මූලස්ථානය විසිනි.ගෝලීය සයිබර් ප්‍රහාර සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම ඇමරිකාව නතර කළ යුතු බවත් සයිබර් ආරක්ෂක ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් වෙනත් රටවලට අපහාස කිරීම නතර කළ යුතු බවත් ඇය ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම