ඇතැම් විදේශ ව්‍යාපාර සත්‍යයට ගරු කරමින් ෂින්ජියංහි සිය ආයෝජන හා සංවර්ධන අවස්ථා අගය කළ යුතු යැයි චීනය පවසයි
2024-02-19 17:06:39
Share with:

ඇතැම් විදේශ ව්‍යාපාරයන්ට සත්‍යයට ගරු කරමින් ෂින්ජියංහි සිය ආයෝජන හා සංවර්ධන අවස්ථා අගය කළ හැකි යැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇතැම් දේශපාලන බලවේග ජාත්‍යන්තර වශයෙන් ෂින්ජියං ප්‍රදේශයට අදාලව අසත්‍ය තොරතුරු රාශියක් නිර්මාණය කර ප්‍රචාරය කර ඇති බවත් ඊනියා ‘බලහත්කාරී ශ්‍රමය’ ඉන් එකක් බවත් ඇය විස්තර කළාය. වර්තමානයේ ෂින්ජියංහි සමාජය ස්ථාවර වන අතර ආර්ථිකය වර්ධනය වෙමින් පවතී. ජාතික සමගිය හා ආගමික සුසංගතභාවය දැකිය හැකිය. ෂින්ජියං ප්‍රදේශයේ වෙසෙන විවිධ ජන වාර්ගික ජනතාවගේ විවිධ අයිතීන් මනාව සහතික කර තිබේ. ඇතැම් විදේශ ව්‍යාපාරවලට එවන් සත්‍යයට ගරු කරමින් ෂින්ජියංහි සිය ආයෝජන හා සංවර්ධන අවස්ථා අගය කළ හැකි යැයි අපේක්ෂා කරන බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම