චීනයේ Huangyan දූපත පිළිබඳ පිලිපීනයේ ව්‍යාජ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2024-02-19 17:02:13
Share with:

චීන ධීවරයින් Huangyan දූපතේදී සයනයිඩ් භාවිත කරන බවට පිලිපීනය කර ඇති ප්‍රකාශය අසත්‍යයක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

පිලිපීන ධීවරයින්ගේ පාරම්පරික ධීවර බිම් විනාශ කිරීම සඳහා චීන ධීවරයින් එම දූපතේ සයනයිඩ් භාවිත කරන බව පිලිපීන ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ ප්‍රකාශකයා ඉකුත් 17 වැනිදා පැවසීය. එම ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය දැඩි විරෝධය පළ කළාය.

එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ඇය පැවසුවාය.  Huangyan දූපත හා ආශ්‍රිත ජලය‍ සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇති අතර, චීන රජය පරිසර සහ ධීවර සම්පත් සංරක්ෂණය වැදගත් කොට සලකමින් නීති විරෝධී ධීවර කටයුතු දැඩි ලෙස මර්දනය කරන බව Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම