දේශීය පමණක් නොව ලෝක සංවර්ධනය කෙරෙහි නව වසරේ දී චීනයේ වැඩි අවධානය
2024-02-19 10:02:22
Share with:

ලෝකය වඩාත් පසුගාමී හා දුර්වල ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙමින් ක්‍රමයෙන් යළි යථාවත් වීමට දරන උත්සාහයට චීනය විසින් මනා පිටුබලයක් ලබා දෙමින් සිටින බව නෙත් ගුවන් විදුලි නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ජූඩ් ලියනගේ මහතා පැවසීය. අප්‍රතිහත උත්සාහයන් තුළින් චීනය ගෙවුණු 2023 වසරේ දී ධෛර්යවන්තව නවෝත්පාදන හා සංවර්ධන ජවය වඩාත් වර්ධනය කර තිබේ. මෙම වසරේ දී දේශීය ආර්ථිකයේ සංවර්ධනය මෙන්ම ලොව ආර්ථික ප්‍රගමනය කෙරෙහි වැඩි අ‍වධානයක් යොමු කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත.

පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදනයන් ඉහළ මට්ටමකින් දෙස් ‍විදෙස් වෙළඳපොල වෙත මුදා හැරීම චීනයේ ඉලක්කයකි.  ඒ අතරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ වැනි නිෂ්පාදිත වඩාත් කැපී පෙනේ. කාබන් විමෝචනය අවම කරමින් හරිත ආර්ථිකයක් වෙත ගමන් කිරීමට චීනයේ දැඩි උත්සාහයක් පවතින බව ද පෙනේ. එම නිසා නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ වාර්තාගත නිෂ්පාදනයක් අත්පත් කරගැනීමට චීනයට පසුගිය කාලය තුළ හැකියාව ලැබී ඇති බවද නුවන් ලියනගේ මහතා පැවසීය.

ලෝකය විවිධ අරමුණු මත හඹා යමින් පවතින වකවානුවක චීනය පොදු අරමුණක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ. කෙතරම් වෙනස්කම් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන්ම සහයෝගිතාවෙන් යුතුව පොදු ජයග්‍රහණ දිනාගැනීමේ තේමාව වෙනස් නොවන බව චීන ජනාධිපතිවරයා නව වසරේ දී ප්‍රකාශ කළේය. උදා වූ සාම්ප්‍රදායික මකරාගේ වසරේ චීනය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට රැගෙන යනු ඇත. චීනයේ මේ උදා වී ඇත්තේ මකරාගේ වසරයි. මකරාගේ ජවය, නිර්භීතභාවය, ශක්තිය හා තේජස උරුම කරගනිමින් චීන ජනතාවගේ දැඩි කැපවීම මධ්‍යයේ රටේ සංවර්ධනය වඩාත් ක්‍රියාශීලීව සාක්ෂාත් කරගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද නෙත් ගුවන් විදුලි නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ජූඩ් ලියනගේ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම