චීන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සහ ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024-02-19 11:47:35
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය Wang Xiaohong මහතා සහ ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas මහතා අතර හමුවක් වියානාහිදී ඊයේ(18) පැවැත්විණ.

එහිදී දෙරටේ රාජ්‍ය නායකයින් සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ දී ඇති කර ගත් එකඟතාව ක්‍රියාත්මක කිරීම, දෙරට අතර මත්ද්‍රව්‍ය පාලනය හා නීත්‍යනුකූලභාවය පිළිබඳ සහයෝගයෙන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් අවධානයට ලක් වන ගැටළු විසඳීම කෙරෙහි දෙපාර්ශවය අවංක, ගැඹුරු සහ නිර්මාණාත්මක සන්නිවේදනයක් පැවැත්විය.

චීන සිසුන්ට අනවශ්‍ය හිරිහැර කිරීම සහ ප්‍රශ්න කිරීම වළක්වා චීන පුරවැසියන්ට සාධාරණ ප්‍රවේශය සහ පූර්ණ ගෞරවය භුක්ති විඳීමට සහතික වීමේ අවශ්‍යතාව Wang Xiaohong මහතා එහිදී අවධාරණය කළේය. ඇමරිකාවේ චීන තානාපති කාර්යාල සහ කොන්සියුලර් මෙන්ම රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද හෙතෙම ඉල්ලීමක් කර ඇත. අදාළ චීන ආයතන සහ පුද්ගලයින්ට එරෙහි වීසා සීමා ඉවත් කරන අතර චීනය "මත්ද්‍රව්‍යවල ප්‍රධාන මූලාශ්‍රයක්" ලෙස විනිශ්චය කිරීමේ ආකල්පය නිවැරදි කරන ලෙස ද ඔහු ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ය.  

දෙරටේ රාජ්‍ය නායකයන් ඇති කර ගත් වැදගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ. අන්‍යෝන්‍ය වශයෙන් ගරු කරමින් මතභේද පාලනය කොට එකිනෙකාට වාසිදායක සහයෝගීතාව පවත්වා ගැටළු නිසි ලෙස විසඳා ගැනීම මගින් චීන-ඇමරිකා සබඳතාවල ස්ථාවර වර්ධනයට දායක වන බවට දෙපාර්ශවය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම