ජුනි මාසය වන විට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට රජය අපේක්ෂා කරයි
2024-02-19 15:39:35
Share with:

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කරුණ ණය ප්‍රතිව්‍යුහගතකරණය බවත්, ඉන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජුනි මාසය වන විට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය වී තිබේ.

 2022 වර්ෂයේ ආර්ථික අර්බුය මතුවූ අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ ණය මුදලක් ගෙවීමට තිබිණ. ඉන් අඩක් දේශීය ණය ලෙසත්, ඉතිරි අඩ විදේශ ණය ලෙසත් තිබූ බවත් පෙන්වා දුන් සියඹලාපිටිය මහතා  ඉන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය. ද්වීපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ සාකච්ඡා ඉතා සාර්ථකව පැවැත්වෙන අතර රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමා කොට ගිවිසුම් ගතවීම රජයේ අපේක්ෂාව බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම