රටේ ඉඩම් පාලනය පිළිබඳ චීන ජනපති ගෙන් වැදගත් උපදෙස්
2024-02-19 21:11:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ප්‍රතිසංස්කරණ පූර්ණ ලෙස ශක්තිමත් කිරීම පිළිබඳ මධ්‍යම කමිටුවේ සිව්වැනි රැස්වීමේ මුලසුන දරයි. අද (19) පස්වරුවේ රැස්වීම පැවැත්විණ. 

සාර්ව ප්‍රතිපත්ති හා ප්‍රාදේශීය සංවර්ධනය සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ වන ඉඩම් පාලන පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව ෂී ජින් පිං මහතා එම රැස්වීමේදී පෙන්වා දුන්නේය. ඉඩම් බෙදා හැරීමේ නිරවද්‍යතාවය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කළ යුතු බව ද හෙතෙම කීය. ඵලදායි පාලනය හා යහපත් ඉඩම් සංවර්ධනයක් සහිත අවකාශීය සංවර්ධන රටාවක් ප්‍රවර්ධනය කරමින්, වාසිදායක ප්‍රදේශවල උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීමට ඉඩම් මූලාශ්‍රයන්  වැඩි දියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ආර්ථික සමාජ සංවර්ධනයේ සම්පූර්ණ හරිතකරණය ක්‍රියාත්මක කිරීම, සම්පත්, පාරිසරික හා ජෛව ගැටළු විසඳීමේ මූලික ක්‍රමයය. කාබන් විමෝචනය හා දූෂණය අඩු කරමින් හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මගින් හරිත සංකල්පය ආර්ථික සමාජ සංවර්ධනයේ සෑම ස්ථරයකටම හඳුන්වා දිය යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය. 

මේ අතර බිම් මට්ටමේ ඒකකවල හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව ඉහල නංවාලීමට කටයුතු කළ යුතුය. ආරක්ෂක අවදානම් ඵලදායිකව වළක්වමින් විවිධ විපත් හා අනතුරු කාර්යක්ෂමතාවයෙන් යුතුව හැසිරවිය යුතුය. 

විද්‍යා තාක්ෂණය හා ආර්ථිකය සමග ගැඹුරින් සම්මිශ්‍රණ වීමේදී ඉස්මතු වන ගැටළු වලට අවධානය යොමු කරමින්, ප්‍රතිසංස්කරණ දුෂ්කරතා මඟහරවා නවෝත්පාදන ප්‍රමුඛ මූලික ක්‍රමයක් ගොඩනැගීම කඩිනම් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම