ජර්මන් චාන්සලර්වරයා හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2024-02-19 15:23:01
Share with:

ජර්මන් චාන්සලර් Olaf Schultz මහතා Munich ආරක්ෂක සමුළුවට එක්වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමුවෙයි.

එම හමුව පසුගිය 17 වනදා ජර්මනියේ Munich නුවර දී සිදු විය. 

වගකීම් භාර ගන්නා විශාල රටක් ලෙස චීනය කැළඹිලි සහිත ලෝකයක ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරන බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය.ජර්මනියට ජාත්‍යන්තර හා ප්‍රාදේශීය කටයුතු තුළ වඩා වැඩි කාර්යභාරයන් ඉටු කිරීමට චීනය අනුබල දෙයි. ජර්මනිය සමඟ ලෝකයට වඩා වැඩි ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් හඳුන්වා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. 

ආරක්ෂණවාදය හා චීනය හුදෙකලා කිරීමට එරෙහි වන ජර්මනිය චීනයේ සංවර්ධනය හා සමෘද්ධිය කෙරෙහි සතුටු වන බව Olaf Schultz මහතා එහිදී සඳහන් කළේය. වත්මන් ජාත්‍යන්තර අසීරුතාවන්ට මුහුණ දීමේදී චීනය සමඟ එක්ව සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සක්‍රීය කාර්යභාරයන් ඉටු කිරීමට ජර්මනිය අපේක්ෂා කරන බවද ජර්මන් චාන්සලර්වරයා පවසා ඇත.

මේ අතර එම දිනයේදී සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා සමගද වං යී මහතා සාකච්ඡා පවත්වා තිබේ.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම