එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව කොළඹ දී ඇරඹේ
2024-02-19 15:41:00
Share with:

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව කොළඹ දී ආරම්භ වේ.

සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

එහිදී රටවල්  35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

සමුළුව ලබන 22 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියු ඩොන්ග්යු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහූ  පිරිසක් ද ඊට එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම