චීනය 2023 දී වර්තන ගිණුමේ අතිරික්තයක් වාර්තා කරයි
2024-02-19 09:58:11
Share with:

වසර 2023 දී චීනයේ වර්තන ගිණුමේ අතිරික්තය ඇ.ඩො. බිලියන 264.2 ක් වූ බව එරට විදේශ විනිමය නියාමකයා ඊයේ (18) ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ භාණ්ඩ වෙළඳාම යටතේ අතිරික්තය ඩොලර් බිලියන 608 ක් විය. එය ඉතිහාසයේ දෙවන ඉහළම මට්ටම බව චීන විදේශ විනිමය පරිපාලනය විසින් නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙයි.

එම දත්තවලට අනුව සංචාරක හා ප්‍රවාහන අංශයන්හි නැවතත් විශාල හිඟයක් වාර්තා කළ අතර, සංචාරක අංශයේ හිඟය ඇ.ඩො. බිලියන 180.6 කි.

ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගත් කළ, චීනයේ විදේශ ආයෝජන සාමාන්‍ය ශුද්ධ ගලා ඒම සහ දේශීය සුරැකුම්පත් වෙළඳපොලේ විදේශීය ආයෝජන වැඩිදියුණු වී තිබේ. චීනයේදී ව්‍යාපාර කිරීමට සහ RMB වත්කම් වෙන් කිරීමට විදේශීය ආයෝජකයින්ගේ ඇති දැඩි නැඹුරුතාව ඉන් පෙන්නුම් කර ඇත.

2024 වසර පිළිබඳව අදහස් දක්වමින් පරිපාලනයේ ප්‍රකාශිකා Wang Chunying මහත්මිය පැවසුවේ එහි අභ්‍යන්තර හා බාහිර පරිසරය යන අංශ ද්විත්වයෙහි වැඩිදියුණු වීමත් සමඟ ගෙවුම් ශේෂයේ මූලික සමතුලිතතාවය පවත්වා ගැනීමේ පදනම චීනයට ඇති බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම