සහයෝගී ගෝලීය ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් 2024 වසරේ චීනයේ කාර්යභාරය
2024-02-18 14:03:15
Share with:

2024 වර්ෂයේ දී චීනය ජාතික සහ ජාත්‍යන්තර සහයෝගීතාවයත් සමග ඉදිරියට ගමන් කිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව පෙනේ. එමෙන්ම 2023 වසර ශක්තිමත් පියවර සමගින් ඉදිරියට පැමිණි වසරක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. එලෙසම ඉදිරි වර්ෂයත් සාර්ථකත්වයන් තුළ ගමන් කිරීම චීනයේ අපේක්ෂාව බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රිපාලී මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා පවසයි. 

ජාතික මට්ටමින් අවධානය යොමු කළ විට චීනයේ කාර්මික සහ සේවා අංශවල දියුණුව සහ ජනතාවගේ කෙන්ද්‍රීය අවධනයට ලක් කරුණු කෙරෙහි තිරසර විසඳුම් ලබා දීම ඉලක්ක කොට ගත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. සිය ස්වායත්ත කලාපයන්හි සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමට ද චීනය මේ වසරේ දී අපේක්ෂා කෙරේ. ජාතික වශයෙන් මෙවැනි ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කරන අතරතුර ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් චීනය සුවිශේෂ අවධානයක් ලබා දී තිබේ. දැනුම හුවමාරු කර ගනිමින් සහයෝගී ආර්ථික සංවර්ධනයක් කරා ළඟා වීම යන චීන සංකල්පය මේ වර්ෂයේ ද ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට චීන රජය බලාපොරොත්තු වන බව හෙතෙම කියාසිටියේය. 

ඒ අනුව 2024 වර්ෂය යනු සමස්තයක් ලෙස චීනයට ඉතා වැදගත් වර්ෂයකි. චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන සංවත්සරය ද මේ වර්ෂයට යෙදී ඇති හෙයින් චීනයට මෙන්ම චීනය සමග එක්ව සිටින සියලු පාර්ශ්වයන්ට මෙම වසර වඩා වැදගත් වනු ඇති බව කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම