චීන විදේශ අමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුව අමතයි
2024-02-18 09:38:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගි වෙයි.  ඊයේ (17) පැවති සමුළුවේ දී හෙතෙම “කැළඹිලි සහිත ලෝකයක ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කිරීම” යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

සියලු රටවල් පොදු ජයග්‍රහණය ගවේෂණය කළ යුතු බවත්, බහුවිධ අලාභ වළක්වා ගත යුතු බවත් වං යී මහතා පෙන්වා දුන්නේය. සමගිය සහ සහයෝගිතාව ඔස්සේ ක්‍රියා කරමින්, එකිනෙකාට සහාය විය යුතුය. එසේම, ලෝකයට මනා නිශ්චිතභාවයක් රැගෙන එමින් මානව වර්ගයා උදෙසා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවසීය.

වගකීම් සහගත ප්‍රධාන රටක් ලෙස චීනය සැමවිටම ප්‍රධාන ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යන අතර, කැළඹිලි සහිත ලෝකයක ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරන බව ද විදේශ අමාත්‍යවයා අවධාරණය කළේය.

මෙහිදී චීනය ප්‍රධාන රටවල් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය සඳහාත්, උත්සන්න වන ගෝලීය අර්බුද මැඩපැවැත්වීම සඳහාත් ස්ථාවර බලවේගයක් බවට පත්ව සිටී. එමෙන්ම ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාවට නංවමින් උණුසුම්කාරී ගැටළු විසඳීම සඳහා චීන ලක්ෂණ සහිත විසඳුම් ගවේෂණය කිරීමට ප්‍රයත්න දරන චීනය ගෝලීය පාලනය ශක්තිමත් කිරීමේ සහ ගෝලීය සංවර්ධනය තහවුරු කිරීමේ ස්ථාවර බලවේගයක් බව ද වං යී මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම