විදෙස් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට
2024-02-18 15:23:39
Share with:

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීමට විදෙස් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙති. මෙම සමුළුව හෙට (19) ආරම්භවීමට නියමිතය. ‍ 

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය Qu Dongyu මහතා අද (18) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එමෙන්ම ඒ මහතා ඇතුළු පිරිස වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් ‍වේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආරාධනය පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරේ. 

මේ අතර හෙට දින (19) නිල වශයෙන් 37වන ආසියා පැසිපික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම