ජාතික සම්පත් ලෙස සලකමින් රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අගමැති පවසයි
2024-02-18 15:22:49
Share with:

ජාතික සම්පත් ලෙස සලකමින් රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. වෘත්තිය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මේ අතර සීතාවක සංවර්ධන කමිටු රැස්වීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. රට පුරා ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14000ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව අග්‍රාමාත්‍යවරයා එහිදි කියාසිටියේය. එම ව්‍යාපෘති ඉදිරි මාස 5 තුළ අවසන් කිරීම අපේක්ෂාව වන අතර සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ද ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම