චීන හා යුක්රේන විදේශ අමාත්‍යවරු අතර සාකච්ඡාවක්
2024-02-18 20:26:00
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඉකුත් 17වැනි දා යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba මහතා හමු විය. වං යී මහතා ජර්මනියේ මියුනිච් නුවර පැවති ආරක්ෂක සමුළුවට එක් වූ අතරතුර එම හමුව පැවැත්විණ.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද යුක්රේනය සමග විධිමත් සම්බන්ධතා පැවැත්වීමට චීනය කැමති බව වං යී මහතා එහිදී කියාසිටියේ ය. යුක්රේන ගැටළුව සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය. යුද්ධයෙන් නොව දේශපාලන මාර්ගයෙන් යුක්රේන ගැටළුව නිරාකරණය කළ යුතු ය. ඒ සඳහා චීනය උපරිමයෙන් සහාය දෙන බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

චීනය සමග සුහද සම්බන්ධතා පවත්වමින් එම සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට යුක්රේනය කැමති බව Dmytro Kuleba මහතා ද එහිදී කියා සිටි‍යේ ය. ගෝලීය කටයුතුවලදී චීනයට හිමි බලපෑම සුළුපටු නොවේ. යුක්රේන අර්බුදය දේශපාලනික වශයෙන් නිරාකරණය කිරීම සඳහා චීනය ලියවිල්ලක් නිකුත් කර තිබේ. මෙම ගැටලුව විසඳීම වෙනුවෙන් චීනය දරන උත්සාහය ඉහළින් අගය කරන බව ද යුක්රේන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම