චීන විදේශ ඇමති සහ යුරෝපා සංගම් ජ්‍යෙෂ්ඨ නියෝජිතවරයෙකු අතර හමුවක්
2024-02-18 10:00:42
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, යුරෝපා සංගමයේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Josep Borrell Fontelles මහතා හමුවෙයි. ජර්මනියේ Munich නුවර දී, ඊයේ (17) එම හමුව පැවැත්වුණේ විශේෂ ඇරයුමක් අනුව යි.

හවුල්කාරීත්ව සබඳතා හා සහයෝගිතා තුළින් පොදු ජයග්‍රහණ හිමිකර ගැනීමේ පදනම මත පිහිටා චීනය හා යුරෝපය කටයුතු කළ යුතු බව වං යී මහතා එහිදී අවධාරණය කළේය. එසේම, උපායමාර්ගික, ආර්ථික හා වෙළඳ, හරිත සංවර්ධන සහ ඩිජිටල් යන ක්ෂේත්‍රවල පවතින සංවාද යාන්ත්‍රණයේ කාර්යභාරයන් මැනැවින් ක්‍රියාවට නැංවිය යුතුය. දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම හා කෘත්‍රිම බුද්ධිය යන අංශයන් හි සහයෝගිතා තහවුරු කර ද්විපාර්ශ්වික මානව හුවමාරු සඳහා වඩා වැඩි පහසුකම් ලබා දිය යුතු බවත්, චීන-යුරෝපා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යා යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා කියාසිටියේය.  

යුරෝපා-චීන සබඳතාව සංවර්ධනයට හා ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ හුවමාරු විධිමත් කිරීමට සහාය වන බව Josep Borrell Fontelles මහතා එහිදී පැවසීය. පවතින මතභේද නිසි ආකාරයෙන් පාලනය කළ යුතුය. එසේම, චීනය වෙන් කර ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ද හෙතෙම සඳහන් කළේය. එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන යුරෝපා සංගමය චීනය සමඟ බහුපාර්ශ්වික කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සූදානම් බව ද යුරෝපා සංගම් ජ්‍යෙෂ්ඨ නියෝජිතයා කියාසිටියේය. 

මේ අතර වං යී මහතා ආජන්ටිනා විදේශ අමාත්‍ය Diana Mondino මහත්මිය සහ ප්‍රංශ විදේශ අමාත්‍ය Stéphane Séjourné මහතා සමග ද සාකච්ඡා පවත්වා තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම