වසන්ත උත්සව සමයේ චීනයේ සංචාරක ව්‍යාපාරයේ සහ සිනමා කර්මාන්ත ආදායමේ වර්ධනයක්
2024-02-18 14:38:30
Share with:

වසන්ත උත්සව කාලය තුළ චීනයේ දේශසීමා හරහා ගමන් කළ පුද්ගලයින්ගේ වාර ගණන එක්කෝටි තිස්පන් ලක්ෂ දහහත් දහසක් වන බව ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සංඛ්‍යාව 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 2.8 ගුණයක වැඩිවීමක් වන අතර 2019 වසරේ අගයෙන් 90% කට ආසන්න වන බව ද‍ ප්‍රකාශ කෙරිණ.

රට පුරා සමුද්‍ර, ගොඩබිම් හා ගුවන් යන සියලු දේශසීමා මායිම්හි  රේගු කටයුතු සාර්ථකව සිදු වී ඇත. ශැන්හයිහි පූඩොන්ග්, ගුවන්චෞහි බයියුන් හා බෙයිජිං අගනුවර ගුවන් තොටුපලෙහි සාමාන්‍ය දෛනික සංචාරක වාර ගණන පිළිවෙළින් අසූ අට දහසක්, තිස්හත් දහසක් හා තිස්හතර දහසකි.

මේ අතර ජාතික චිත්‍රපට පරිපාලන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසන්ත උත්සව නිවාඩු කාලය තුළ එනම් පෙබරවාරි මස 10වනදා සිට 17වනදා දක්වා රට පුරා සමස්ත සිනමා ටිකට්පත් අලෙවි ආදායම යුවාන් බිලියන අටක් වන අතර නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 163කි. එය 2023 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 18.5ක හා සියයට 26.4ක වර්ධනයක් පෙන්නුම් කරයි.  පෙබරවාරි 18වනදා උදෑසන 9:30 වන විට 2024 වසරේ සමස්ත සිනමා ටිකට්පත් අලෙවි ආදායම යුවාන් බිලියන 11.1ක් වූ අතර ඉන් සියයට 96.75ක ආදායම හිමිව ඇත්තේ දේශීය නිෂ්පාදිත චිත්‍රපටවලින් වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම