චීන රාජ්‍ය මණ්ඩලයේ තුන්වන පූර්ණ සමුළුව චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
2024-02-18 20:46:05
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තුන්වන පූර්ණ සමුළුව අද(18) අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 14වැනි චීන මහජන කොංග්‍රසයේ දෙවන සැසියට සමාලෝචනය සඳහා ඉදිරිපත් කරනු ලබන රජයේ වැඩ වාර්තාව පිළිබඳ මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ විධිවිධාන ක්‍රියාකාරිකයෙකු ලෙස දැඩි ව කටයුතු කරනු ඇති බවට, වත්මන් රජය සිය රාජකාරි භාරගැනීමේදීම  පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව, Li Qiang මහතා සඳහන් කළේ ය. පසුගිය වසර තුළ, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වය සහිතව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, රාජ්‍ය මණ්ඩලයේ විවිධ කාර්යයන් මැනවින් සිදු කර තිබේ. ‍මෙම වසරේ සහ අනාගත කටයුතුවලදී, රාජ්‍ය මණ්ඩලය සිය රාජකාරි නිසි ලෙස ඉටු කරන අතරම, ප්‍රායෝගික අර්ථයන් ප්‍රවර්ධනය කිරීමට සහ නව වැඩිදියුණු කිරීම් උදෙසා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි, Li Qiang මහතා පැවසීය.

චීන වසන්ත උත්සව නිවාඩුව මේවන විට අවසන්ව ඇත. එහෙයින් චීන මධ්‍යම ආර්ථික කාර්යය සමුළුවේ විධිවිධානවලට අනුකූලව, රාජ්‍ය මණ්ඩලයේ සියලුම දෙපාර්තමේන්තු කඩිනමින් සිය කාර්යයන් ඇරඹිය යුතු අතර, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් නව ප්‍රතිඵල ලබා ගැනීමට උත්සාහ දරනු ඇති බව, Li Qiang මහතා එහිදී  ‍ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම