ගෝලීය තිරසර බව වෙනුවෙන් චීනයේ දායකත්වය
2024-02-18 14:59:34
Share with:

2024 වසර චීනය පොදු සමෘද්ධිය උදෙසා නව ආර්ථික වැඩපිළිවෙළක් සමග ඉදිරියට යන වසරකි. එමෙන්ම චීනය තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ද චීනය මේ වසරේ වැඩි අවධානයක් යොමු කර ඇති බව හිටපු පුවත්පත් කර්තෘ සහ මාධ්‍යවේදී රන්ජිත් කුමාර සමරකෝන් මහතා පවසයි.

ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික පරිසරයක් චීනය තුළ ගොඩනැගීමට පියවර ගැනීමටත්, සේවා කර්මාන්තයට අදාළ ක්ෂේත්‍රවලට පිවිසීමේ දී විදේශීය ආයෝජකයින්ට පවතින සීමා ලිහිල් කිරීම‍ටත් ගත් ප්‍රවේශය අනාගත ගෝලීය ආර්ථිකයට ඉතා හිතකර වනු ඇත. ඒ ඔස්සේ හිමි වන ප්‍රතිලාභ ආසියානු කලාපය කේන්ද්‍ර කොට නිර්මාණය වීම ඉතා වැදගත් බව ද හෙතෙම කියාසිටී.

වර්තමාන ගෝලීය අවදානම් හමුවේ වඩා වැදගත් වනුයේ රටවල් අතර සහයෝගීතාවයයි. ඒ වෙනුවෙන් ‍ගෙවී ගිය කාලය පුරාම චීනය පෙනී සිටිනු දක්නට හැකි විය. එපමණක් නොව ආර්ථික ස්ථාවරය පවත්වා ගනිමින් සියලු පාර්ශ්වයන්ට හිතකර ජාත්‍යන්තර ක්‍රමයක් අනුගමනය කිරීමට අවශ්‍ය ශක්තිය ද ලබා දෙමින් සිටී. එහෙයින් මෙම තීරණාත්මක වර්ෂයේ චීනය ගෝලීය තිරසර බව වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි බව මාධ්‍යවේදී රන්ජිත් කුමාර සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම