පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය විසඳීම පිළිබඳව වෙනස් මතවාද
2024-02-18 11:30:42
Share with:

පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය විසඳිය හැක්කේ සෘජු සාකච්ඡාවලට පමණක් බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම ‘පලස්තීන රාජ්‍යය’ පිළිගැනීමට තම විරෝධය ඔහු යළිත් අවධාරණය කර ඇත. පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නයට විසඳුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය "ජාත්‍යන්තර නියෝග" වලට යටත් නොවන බව ද ඔහු ඊයේ(17)  සවස ජෙරුසලමේ පිහිටි අගමැති කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර නව වටයේ සටන් විරාම සාකච්ඡාව පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නගරයේ පැවැත්වුණු බව පලස්තීන ජාතික අධිකාරියේ බන්ධනාගාර කටයුතු පිළිබඳ ප්‍රධානී Qadura Fares මහතා චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන්  කළේය. ඊශ්‍රායලයේ අභ්‍යන්තර දේශපාලන අරගලය හේතුවෙන් එරට හා හමාස් සංවිධානය අතර මතභේද සමනය කිරීම දුෂ්කර වීම සහ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවේ අඛණ්ඩ මෙහෙයුම්, මෙම සාකච්ඡාවේ ප්‍රගතියට බරපතල බාධාවන් වී ඇති බව ද ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම