යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති තංගල්ල සහ ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක
2024-02-18 15:18:55
Share with:

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමග සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය. 

සාමාන්‍ය සංචාරකයන්ට අමතරව දිනකට ඩොලර් 500ක් වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබේ. මෙම නව වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගත්හ. 

කෙරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය වේගවත් කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව සැලසුම් හේතුවෙන් මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබේ.

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම