අප්‍රිකානු ලීගයේ 37වන නායක සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-02-17 19:43:07
Share with:

අද (17) ආරම්භ වූ අප්‍රිකානු ලීගයේ 37වන නායක සමුළුව වෙනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ. අප්‍රිකානු ලීගය අප්‍රිකානු රටවල් එක්සත් කරමින් අප්‍රිකානු කලාපයේ ඒකීයත්වය හා නිදහස් වෙළඳ කලාපවල සංවර්ධනය ඉදිරියට ගෙන යන අතර, ජී-20 කණ්ඩායමට ද එක්ව කටයුතු කරයි. එමගින් ගෝලීය කළමනාකරණයේ දී අප්‍රිකානු කලාපයට හිමි අවස්ථාව හා බලය වඩාත් පුළුල් වී ඇත. චීනය මේ සම්බන්ධයෙන් සුබ පතන බව ෂී ජින් පිං මහතා සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත.

ගෙවුණු වසරේ දී චීනය හා අප්‍රිකා රටවල් සමග පවතින සම්බන්ධතා තව තවත් ශක්තිමත් වී තිබේ. අප්‍රිකා රටවල නායකයන් සමග එක්ව ද්විපාර්ශ්වික සහයෝගිතා වඩාත් දීප්තිමත් අනාගතයකට රැගෙන යාමටත්, පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා හවුල්කාරීත්වය වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමටත් බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම