ගෝලීය වැඩපිළිවෙල වැඩිදියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් 60 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹේ
2024-02-17 16:25:16
Share with:

සහයෝගීතාව ඉහළ නැංවීමේ සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරමින් 60 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව ඊයේ(16) ආරම්භ විය. වර්ධනය වන භූ දේශපාලනික එදිරිවාදිකම් සහ ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ ඊට එරෙහිව යහපත් අපේක්ෂාවන් සහ විසඳුම් වෙනුවෙන් කටයුතු කරන බව මියුනිච් ආරක්ෂක සමුළුවේ සභාපති Christoph Heusgen මහතා එම සමාරම්භක උත්සවය අමතමින් ප්‍රකාශ කළේය. යුක්රේන අර්බුදය සහ ඊශ්‍රායල-හමාස් ගැටුම ඇතුළු දැනට පවතින ගෝලීය ප්‍රශ්න පිළිබඳ තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. 

සිය ආරම්භක කතාව සිදු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කියාසිටියේ වර්තමාන ගෝලීය ක්‍රියාකාරිත්වය සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පසුගිය වසර 75 තුළ ගෝලීය ප්‍රජාව අතර දැඩි බෙදීම් සිදුව තිබේ. එහෙයින් ලෝකය න්‍යෂ්ටික අනතුරකට, දේශගුණික අර්බුදයකට සහ කෘතිම බුද්ධිය හරහා ඇති වන විවිධ අවදානම්වලට ද මුහුණ දෙන බව හෙතෙම සඳහන් කළේය. පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද මියුනිච් ආරක්ෂක වාර්තාවේ මෙම වසරේ සංස්කරණය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ රටවල් අතර අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වර්තමාන ක්‍රමයෙන් බැහැරව නව සහයෝගීතාවයක් උදෙසා කටයුතු කළ යුතු බවයි.

1963 වසරේ දී ආරම්භ කරන ලද මියුනිච් ආරක්ෂක සමුළුව යනු ගෝලීය ආරක්ෂක ගැටළු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවක් මෙන්ම ආරක්ෂක ගැටළු විසඳීමට ඇති ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික මුලපිරීමකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම