ඩොලරය යළිත් පහළ යන ලකුණු
2024-02-17 16:10:42
Share with:

පසුගිය පෙබරවාරි 05 වන දිනෙන් පසු ඇමරිකා ඩොලරයෙහි රුපියල් වටිනාකම නැවත වතාවක් ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කළ ද පසුගිය වෙළෙඳපොළ දින 6 ක පමණ කාලපරිච්ඡේදය තුළ එය ක්‍රමිකව ස්ථාවර වන බවක් පෙන්නුම් කළේය. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (16) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.70 ක් සහ විකුණුම් මිල රු. 317.76 ක් ලෙසින් සටහන්ව තිබේ. 

එහෙන්ම එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 312.89 ක් ලෙසින් වාර්තා වී ඇත. එය පසුගිය පෙබරවාරි 06 න් පසු වාර්තා වී ඇති අඩුම අගයයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම