චීන-ඇමරිකා සබඳතාවල ශක්තිමත්, ස්ථාවර සහ තිරසර සංවර්ධනයක් අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2024-02-17 16:15:20
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා චීන-ඇමරිකා සබඳතාවල ශක්තිමත්, ස්ථාවර සහ තිරසාර සංවර්ධනයක් අවශ්‍ය බව ඊයේ(16) ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන Wang Yi මහතා මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇත. 

ඇන්ටනි බ්ලින්කන් ගේ ඉල්ලීම පරිදි පැවති මෙම රැස්වීමේ දී දෙපාර්ශ්වය අවංක, වැදගත් සහ ඵලදායී සාකච්ඡාවක් සිදු කර තිබේ. චීන-ඇමරිකා ජනාධිපතිවරුන් පසුගිය වසර අවසානයේ දී සාර්ථක හමුවක් පැවැත්වූ අතර, එහිදී ඔවුහු ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ උපායමාර්ගික මෙන්ම සමස්ත ගැටලු පිළිබඳ ගැඹුරු අදහස් හුවමාරු කර ගනිමින් වැදගත් එකඟතාවයකට පැමිණි බව Wang Yi මහතා එහිදී කියාසිටියේය. 

ද්විපාර්ශ්වික සබඳතාවල යහපත්, ස්ථාවර සහ තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “සැන් ෆ්‍රැන්සිස්කෝ දැක්ම”යථාර්ථයක් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම වැදගත්ම කාර්යය බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම