රටවල් 35ක නියෝජිතයින් අද දිවයිනට
2024-02-17 16:09:03
Share with:

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහහභාගී වීම සඳහා රටවල් 35ක නියෝජිතයින් අද දිවයිනට පැමිණීමට නියමිතය. ලබන 19 වනදා සිට 22 වනදා දක්වා මෙම කලාපීය සමුළුව කොළඹ දී පැවැත්වෙනු ඇත. 

රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් 300කට අධික පිරිසක් ඊට සහභාගී වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. සමුළුවට සමගාමිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මෙරටට පැමිණීමට නියමිතය. 

චීනය, මැලේසියාව, ජපානය , පාකිස්තානය, බංග්ලාදේශය ආදී රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට එක් වනු ඇත. සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.කෝවිඩ් වසංගතය හා පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගී වන සමුළුව මෙයයි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම